අපේ දැක්ම

ජාතික අනන්‍යතාවය රැකගත් 

නව වැඩ ලෝකයත්, පවුල් ඒකකයත්

සමව ජයග්‍රහණය කළ හැකි කාන්තාවන්

රටට දායද කිරීම

 

2020 ICT Sinhala medium best Result

Name Z-score DR IR Pass
AYESHA KUMARI MADHUWANTHI BASNAYAKE 2.9528 1 14 A
MEDAGODA HITHTHARA GEDARA NETHMI PAHASARANI NAWARATHNA 1.3551 99 1503 A
OBADA KANKANAMGE THARUSHI NETHMINI SILVA 2.3704 12 156 A
WEDA GEDARA MADHURI DILHANI SAYURIKA KARUNARATHNA 2.1328 19 305 A
WIDALATH ARACHCHILAGE THARUSHI BHAGYA MADHUBHASHINI WIJESURIYA 2.9253 3 16 A
AMUNUGAMA RANAWEERA MUDIYANSELAGE OSHANI DINUTHTHARA RANAWEERA 1.8085 36 594 B
GAMAWELE GEDARA HELANI RASHMIKA JAYATHILAKA 0.9247 182 2950 B
KAHATAGAHA GEDARA DINUSHIYA SATHSARANI SIRIWARDHANA 2.2128 18 250 B
MAHANAMALAGE DINITHI SEWWANDI MAHANAMA 1.6789 53 788 B
WIJEKOON MUDIYANSELAGE DILKI DESHANI BANDARA 1.4785 81 1202 B
WIJETHUNGA MUDIYANSELAGE GAYANI PRASADI WIJETHUNGA 1.3 538 9153 B
KITHMINI ALOKA SRI ILANGAMGE 1.2794 390 6375 B

අපේ මෙහෙවර

පුෂ්පදාන විදුබිමට පිවිසෙන සෑම

දියණියක්ම

නව ලොවට අනුගත වූ

නිපුණතා සපිරි

නිර්මාණශීලී, බුද්ධිමත්

ගුණ ගරුක

දියණියක් ලෙසින් 

සමාජයට ප්‍රවිෂට කරවීමට 

මග පෙන්වමු.

එක් දහස් නවසිය හතලිස් එකේ මැයි මස තිස් එක් වන දින පැවති මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ තිස් හතරවන සාංවත්සරික රැස්වීමේ දී ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා විසින් බෞද්ධ අධ්‍යාපනය පිළිබදව පවත්වා ඇති කථාවක් තුළින් ‍බෞද්ධ බාලිකාවන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට පාසලක් පිහිටුවීමේ අදහස ජනිත වී ඇත. ඒ අනුව 1942 වර්ෂයේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ඉදිරියෙන් ත්‍රීකුණාමල වීදියේ කුඩා ගොඩනැගිල්ලක මහනුවර පුෂ්පදාන සමිතිය විසින් පුෂ්පදාන බාලිකා විදුහල ආරම්භ කර ඇත. එවකට සෞඛ්‍ය ඇමති ගරැ ‍ජෝර්ජ් ඊ ද සිල්වා මැතිතුමා විසින් පාසල විවෘත කර ඇත.ආරම්භක විදුහල්පතිනිය වූයේ එවකට ශ්‍රී පුෂ්පදාන සමිතියේ සභාපතිත්වය දැරූ නිතිඥ එස්. ඒ. විජේතිලක මහතාගේ බිරිද වූ ක්ලෝරා ඩයස් විජේතිලක මැතිණියයි. පළමුවන පෙළේ ඉංග්‍රීසි ගුරුවරිවක වූ ඇය හය දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් සමග මෙම පාසල ඇරඹු බව වාර්තා වේ. පළමු සිසුවියන් තිදෙනාට අකුරු කියවූයේ එවකට ගරු අධ්‍යාපන ඇමති වු සි.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා බවද සඳහන් වේ.

එක් දහස් නවසිය හතළිස් තුන වර්ෂයේ පාසලේ සාංවත්සරික උත්සවය පවත්වා ඇති අතර එක්දහස් නවසිය හතලිස් හයේ මැයි මස හයවන දින විදුහල්පතිනිය ඇතුලු ගුරු මණ්ඩලයේ පස් දෙනෙකු සහ ශිෂ්‍යාවන් එකසිය විසි අටදෙනෙකුගෙන් සමන්විත වූ මෙම පාසල එවකට අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ඉයන් සැන්ඩිමන් මහතාට භාරදීමෙන් පසු රජයේ පාසලක් බවට පත්වී ඇත.

මෙතුමියගේ පාලන කාලය තුල පාසල ක්‍රමයෙන් සංවර්ධනය වී ඇති අතර, එවකට සිටි ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා පාසලේ ඉඩ - කඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා වි ඇත.

පී. ද එස් කුලරත්න විදුහල්පතිනියගේ සේවා කාලය තුළ එක් දහස් නවසිය පනස් තුනේ ජූලි මස දෙවන දින වර්තමානයේ පාසල පිහිටි ස්ථානයට ගෙනවිත් ඇත. පසු කාලිනව මෙම දිනය පාසලේ ආදි කතෘන් සැමරීමේ දිනය වශයෙන් නම් කර පුෂ්පෝපහාරයක් පවත්වා වර්තමානයේදි ද වාර්ෂිකව පාසලේ ආදී කතෘන් සමරනු ලැබේ.

මෙම කාලය තුල ගුරු මණ්ඩලය එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වි ඇති අතර, ශිෂ්‍යාවන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබා ඇත. ඉංග්‍රීසි බසින් සිසුන් පෝෂණය කිරීමත්, සරසවි පිවිසුම දක්වා පන්ති ආරම්භ කිරීමත් මෙම යුගයේ සිදු වූ ඉතා වැදගත් සේවාවන් ලෙස සඳහන් වේ.

1954.05.03 සිට 1958.11.28 දින දක්වා නැවත වරක් වැඩ බලන විදුහල්පතිනිය ලෙස ඩබ්ලිව්. එම්. එම්. ද සිල්වා මිය පත් වී ඇත. මෙම යුගයේ ශිෂ්‍යයාවන් නිවාසවලට බෙදා ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම ආරම්භ කර ඇත. චිත්‍රා, ගෝතමී, සංඝමිත්තා සහ යශෝධරා වශයෙන් නම් කර ඇති මෙම නිවාස වර්ත‍මානයේද ක්‍රියාත්මකය. පාසල් නිල ඇඳුම හඳුන්වා දී ඇත්තේ ද මෙම යුගයේය. එක් දහස් නවසිය පනස් තුන වර්ෂයේ රානී අබේරත්න මෙනවියගේ දායකත්වයෙන් විද්‍යාලයීය බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කර ඇත.

විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්ති ආරම්භ කිරීම, ගුරු දෙගුරු සමිතිය ආරම්භ කිරීම ශිෂ්‍යාවන් බෞද්ධ පරිසරයක හැඩගන්වනු වස් බුදු මැදුරක් ඉදි කිරීම, ආදිය හේමමාලා ස්වර්ණලතා ජයසිංහ මියගේ සමයෙහි සිදුවූ වැදගත් කාර්යයන්ය.

සුභද්‍රා සිරිවර්ධන මහත්මිය මෙම පාසලේම උපගුරැවරියක ලෙස සේවය කරමින් 1961.09.01 දින වැඩ බලන විදුහල්පතිනිය ලෙස රාජකාරි භාරගෙන ඇත.

විදුහලේ ප්‍රථම ත්‍යාග ප්‍රධානෝත්සවය 1961 නොවැම්බර් මස 11 වන දින පැවැත්වීමේ ගෞරවය මෙම විදුලහල්පතිනියට හිමි වේ. එසේම වෙසක් පෝය වෙනුවෙන් අටසිල් සමාදන් වීම බෞද්ධාගමික පරිසරයකට හැඩ ගස්වනු වස් ශිෂ්‍යාවන් සඳහා විවිධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත.

"පුෂ්පදානයෙන් ඥානාලෝකය ලබා දේ" යන අර්ථය පෙරදැරිව දෝතක පිහිටි නෙළුම් මලෙන් හා ඒ සමඟ ඇති පහනෙන් පුෂ්පදාන නිල ලාංඡන නිර්මාණය කිරීමේත් "චරිතයෙන් නුවණ බැබලේ" යන ආදර්ශ පාඨයෙන් විද්‍යාලයේ සිසු දැරියන් මෙතෙක් ආ ගමන් මගත් යා යුතු ගමන් මගත් පෙන්වා දිමේත් ගෞරවය විශාඛා ගුණතිලක විදුහල්පතිනිය සහ එවකට ඇදුරු මඩුල්ලට හිමි විය යුතුය. අනුරාධා සෙනවිරත්න මහතාගේ පද රචනයෙන් හා ඩබ්ලිව් සිරිල් පෙරේරා මහතාගේ ගී තනු නිර්මාණයෙන් පාසල් ගීතය නිර්මාණය කිරීමද මෙම යුගයේ සිදු වු වැදගත් සිදුවීමකි.

වර්තමානයේ විදුහලේ පාසල් සංවර්ධන සමිතිය මඟින් පවත්වා ගෙන යන ' පුෂ්පදාන ඉරිදා දහම් පාසල ' ආරම්භ කර ඇත්තේ ද මෙම යුගයේය.

රත්වත්තේ ඥාණසේකරම් විදුහල්පතිනියගේ සමයේ ශිෂ්‍යාවන් එක් දහස් අටසීයක් පමණ ඉගෙනුම ලබා ඇති අතර මෙතුමියගේ නායකත්වය යටතේ 1963 වර්ෂය සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය 1964 දෙසැම්බර් මස දෙවන දින එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

1971 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙ.) විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම,දන්ත චිකිත්සාගාරයක් ඇරඹීම, හොකී ක්‍රීඩාව ඇරඹීම සහ පාසල් පුස්තකාලයක් නිර්මාණය කිරීම මෙම යුගයේ සිදු වූ වැදගත් සේවාවන් කීපයකි.

දිවයින පුරා විසිරී සිටින ආදි පුෂ්පදාන දියණිවරුන් එක් රැස් කරමින් පාසලේ දියුණුවට විශාල සහයෝගයක් දක්වන ආදි ශිෂ්‍ය සංගමය 1972 වර්ෂයේ පිහිටුවා ඇත. විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය විමත් සමඟ ගොඩනැඟිලි ඉඩ - කඩ ප්‍රමාණවත් නොවීම නිසා 1971 – 1 ශ්‍රේණිය, 1972 – 2 ශ්‍රේණිය, 1973 – 3 ශ්‍රේණිය, 1974 – 4 ශ්‍රේණිය, 1975 – 5 ශ්‍රේණිය වශයෙන් ප්‍රාධමික පන්ති ඉවත් කර 1975 වර්ෂයේදී මෙම විදුහල හය වන ශ්‍රේණියේ සිට ඉහළට පන්ති ක්‍රියාත්මක වන ද්විතියික පාසලක් බවට පත් කර ඇත.

දීර්ඝතම කාලයක් පුෂ්පදාන බාලිකා විදුහලේ විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් ජී. කේ. අලහකෝන් දසනායක මහත්මිය අභිමානවත් පුෂ්පදාන දියණිවරුන් සමාජයට දායාද කිරීමට පෙරමුණ ගත්තාය. ශිෂ්‍යාවනට ඉංග්‍රීසි භාෂාව පුහුණු කරනු වස් ඉංග්‍රීසි උච්චාරණ පන්ති පැවැත්වීම, ඉංග්‍රීසි භාෂාවෙන් විෂයයන් ඉගැන්වීම, ඉංග්‍රීසි නාට්‍ය රසවින්දනයට අවස්ථා ලබා දීම දිනපතා ඉංග්‍රීසි පුවත්පත් කියවිමට අවස්ථාව ලබා දිම වැනි ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී.

එසේම මෙතුමියගේ නායකත්වය යටතේ අයි. ගොඩිගමුව මිය විසින් පාසල් ගීය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර උදෑසන ගායනයට යොමු කිරීම, ශිෂ්‍ය ප්‍රතිඥාවන් නිර්මාණය කිරීමද මෙම යුගයේ සිදු විය. තවද අනූව දශකයේදී ශිෂ්‍යාවනට ප්‍රංශ, ජපන්, දමිළ ආදී විවිධ භාෂාවන් ඉගෙනීමට අවස්ථාව සලසා දීමද උසස් පෙළ සඳහා සෞන්දර්යය විෂයයන් සහ කෘෂී විද්‍යා විෂය ධාරාවන් ඉගැන්වීම ආරම්භ කිරීමද සිදු විය. 1993 ‍පෙබරවාරි මස 05 වන දින සිට මෙම පාසල ජාතික පාසලක් බවට උසස් කිරිම, ශිෂ්‍ය නේවාසිකාගාරය ආරම්භ කිරීම, විදුහල්පති නිල නිවස ඉදි කිරිම, 2002 වර්ෂයේ 6 වන ශ්‍රේණියේ විෂයයන් කිහිපයක් සහ උසස් පෙළ විද්‍යා අංශය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කිරීමද ඉතා වැදගත් කාර්යයන් ලෙස පාසල් ඉතිහාසයට එක් වේ. ජි. කේ. අලහකෝන් දසනායක මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව 2002 අගෝස්තු මස 16 වන දින දක්වා එම් ආර්. අමරසේකර මෙනවිය වැඩ බලන විදුහල්පතිනිය ලෙස සේවය කර ඇත.

ඩබ්ලිව්.ඩී.පී.කේ.සමරසිංහ විදුහල්පතිනියගේ පාලන කාලය තුල ශිෂ්‍ය පෞරුෂය සංවර්ධනය සඳහා අධ්‍යාපන අංශයේ මෙන්ම විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ද රාශියක් ක්‍රියාත්මක කර ඇත. ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වන සිසුන් දිරි ගැන්වීම සඳහා 2003 වර්ෂයේ දී පාසලේ ප්‍රථම වර්ණ ප්‍රදානෝත්සවය පැවැත්වීම, පාසල් පිරියත සහ ක්‍රියාකාරකම් 'එස් - 5' සංකල්පය ඔස්සේ ක්‍රමවත් කිරීම, 2007 වර්ෂයේ 'අපි වවමු රට නගමු" වැඩ සටහනේ මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කුසලානය හිමි කර ගැනීම, 'ජාතික පාසල් අතර පැවති හොඳම වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන' පිළිබඳ තරගාවලියේ දී 2008 වර්ෂයේ දී මහනුවර දිස්ත්‍රීක් ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා ලෝකඩ සම්මානය හිමි කර ගැනීම මෙම යුගයේ සුවිශේෂි ජයග්‍රහණ විය. ශිෂ්‍යාවන් තුළ සමාජීය කුසලතා සංවර්ධනය සඳහා ගුවන් ශිෂ්‍යභට ඛණ්ඩය, ශිෂ්‍ය නායිකා පුහුණු කඳවුර මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ද මෙම යුගයේ ආරම්භ විය. 2008 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) කලා, වාණිජ විෂය ධාරා වල අනුමත විෂය ධාරාවන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කිරීම ද මෙම කාල වකවානුවේ සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ AAT ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන 'ජාතික පාසල් අතර වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන' පිළිබඳ තරගාවලියේ දී 2009 වර්ෂයේ වාර්තාව සඳහා මහනුවර දිස්ත්‍රක් දෙවන ස්ථානය සහ සමස්ත ලංකා ලෝකඩ (සම) සම්මානයත් , 2010 වර්ෂයේ වාර්තාව සඳහා මහනුවර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා ස්වර්ණ සම්මානයත් , 2011 වර්ෂයේ වාර්තාව සඳහා මහනුවර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා ලෝකඩ සම්මානයත්, 2012 වර්ෂයේ වාර්තාව සඳහා මහනුවර දිස්ත්‍රික් දෙවන ස්ථානය සහ මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානයත්, 2013 වර්ෂයේ වර්ෂයේ වාර්තාව සඳහා සමස්ත ලංකා ප්ලැටිනම් සම්මානයත් , 2014 වර්ෂයේ වාර්තාව සඳහා මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානයත් (සම) , 2016 වර්ෂයේ වාර්තාව සඳහා මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානයත් දිනා ලන්නා ලදි' විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් 40 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ක්‍රියාත්මක කරමින් ශිෂ්‍යාවන් පාසලට විවිධ ජයග්‍රහණ ගෙන දේ. පසු ගිය සතියේ DSI Super Sports අනුග්‍රහයෙන් පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ' දැනුමයි වාසනාවයි ' තරඟාවලියේ ජයග්‍රාහකයන් වූයේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයීය කණ්ඩායමයි. 2016 සමස්ත ලංකා නර්තන තරඟාවලිය සඳහා ඉදිරිපත් කළ 'දිය කෙළිය' නර්තනයත් 'නාග කන්‍යා' ඒකල නර්තනයත් ප්‍රථම ස්ථානය ලැබීය. 'දිය කෙළිය' නර්තන කණ්ඩායම ගුරු මහත්මීන්ද සමඟ සමස්ත ලංකා ගුවන් ශිෂ්‍ය භට ඇගයිම් කඳවුරේ 2016 වර්ෂයේදී ප්‍රථම ස්ථානයත්, 2017 වර්ෂයේදී දෙවන ස්ථානයත් පුෂ්පදාන බාලිකා විදුහල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

අධ්‍යාපන අංශයෙන්ද පුෂ්පදාන බාලිකා විදුහල් දියණියන් ඉහළ ජයග්‍රහන ලබති. 2016 වර්ෂයේ පැවති අ.පො.ස. (සා.පෙ) විභාග ප්‍රථිඵල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර කලාපයේ ප්‍රථම ස්ථානයත්, මධ්‍යම පළාත් දෙවන ස්ථානයත්, සමස්ත ලංකා හතරවන ස්ථානයත් හිමි විය. අ. පො.ස (උ.පෙ)ට සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 100%ක් වූ අතර, සියලු විෂයයන්ගේ සමස්ත ප්‍රතිශත 100%ක් විය.

2012 වර්ෂයේ දී මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ වසර 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වයස 19 න් පහළ ආරාධිත පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී සත්කාරක පුෂ්පාදන විදුහල බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්විය. බාලිකා තරගාවලියට එක් වු කණ්ඩායම් ගණන 12 කි. විජය විදුහල් පිලේ විමුක්ති මාලිංග බණ්ඩාර සහ පුෂ්පදාන විදුහල් පිලේ අවිහිංසා නිර්මාණී දක්‍ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සම්මාන හිමිකර ගත්හ.

2015 වර්ෂයේ අ.පො.ස (උ.පෙ) විභාග ප්‍රතිඵල අනුව කලා විෂය ධාරාවෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය පුෂ්පදාන බාලිකා විදුහලේ නිරාශා නදීශානි කුලරත්න ශිෂ්‍යාව විසින් හිමි කර ගත්හ. අ.පො.ස (උ.පෙ)තාක්ෂණ විෂය ධාරාවද ක්‍රියාත්මක වන අතර, 2015 සහ 2016 වර්ෂවල අ.පො.ස(උ. පෙ) විභාග ප්‍රතිඵල අනුව ජෛව පද්ධති තාක්ෂණවේදය සහ ඉංජිනේරු තාක්ෂණවේදය යන විෂය ධාරා දෙකෙන්ම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන දිනා ගත්තේ පුෂ්පදාන බාලිකා විදුහල් දියණියන්ය.

 2017 වර්ෂයේදී විද්‍යාලයේ 75 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සංවත්සර උත්සවයට සමගාමීව විශිෂ්ට දක්ෂතා දැක්වූ දැරියන් අගයමින් ත්‍යාග ප්‍රදානය ද සිදුවිය.

2018 සැප්තැම්බර් 29 වන දින අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කරන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිනිර්මාණය කළ මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විත වේ.

විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් ද නිකුත් කෙරුණු අතර එය ජනාධිපතිවරයා වෙත පිළි ගැන්වීය.

2019 වර්ෂයේ ජයග්‍රාහී වර්ණලාභීන් වෙත කුසලාන, සහතික පත් හා වර්ණ ප්‍රදානය කිරිම ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් විසින් සිදු කරන ලදි. මෙහිදි සෞන්දර්යාත්මක අංගයන්ගෙන් විචිත්‍රවත් වූ අංග රැසක් පුෂ්පදාන විද්‍යාලීය බාලිකාවන් විසින් එම අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි, ජාතික ටයිකොන්ඩු ක්‍රීඩිකාවක් වන සඳගෝමි මුහන්දිරම් මෙනවිය වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවිය. තවද එම අවස්ථාවේදී නෙට්බෝල්, මේස පන්දු, පිහිනුම්, ටයිකොන්ඩු, හොකී, වොලිබෝල්, ජිම්නාස්ටික් වැනි විවිධ ක්‍රීඩා විෂයන් ඇතුළු බාහිර ක්‍රියාකාරම් වෙනුවෙන් කුසලතා සම්මාන, වර්ණ හා විශේෂ සම්මාන 400 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදානය කරනු ලැබීය.

2020 වර්ෂයේ දී ප්‍රථම වරට සිය ගුරු මණඩලයේ ගායන හා නර්තන හැකියාවන් එළි දැක්වීම සඳහා 'ගුරු' නමින් කලා ප්‍රසංගයක් සාර්ථකව පැවැත්වීම ඉතිහාස ගත සිදුවීමකි.